හේවාගමට ආමි
එදා 2017 දුරුතු මස පලමු දිනයි...පාන්දර මා අවදි වූයේ දැඩි සීතල පරිසරයකින් හමා ආ ආදරනීය සීත සුලගක සුව විදිමින් ය..නාගරික ජීවිතයට අප සමු දී අද නව නිවසකට පියමන් කොට ඇත...උළු වහල සහිත ගෙයක් වටා කොලපැහැති තුරුලතා දුටුවිට මතකයට නැගුනේ මගේ මව නිතරම කියූ කතාවකි.."අනේ අපේ දරුවන්ට ගහ කොලං එක්ක ජීවත් වෙන්න මේ නාගරික පරිසරය අතෑරලා අපේ ගමට යමු..."එවිට මමත් උරණ වී "බෑ බෑ මම මෙහේ දාල කොහෙවත් යන්නෙ නෑ" යැයි කෑගෑසීය. එහෙත් අපේ අම්මා කියූ දෑ අද සැබෑ වී ඇත..එදා ඇය කියූ ගහකොළ දකිනවිට අප නගරයේ ජීවත් වූ සැටි ගැන ඇත්තේ කලකිරීමකි. තාප්පයෙන් වටවූ නිවසින් එලියට බට විට ඇත්තේ මහාපාරය. වේගයෙන් යන රථ වාහන දුමින් නිවස පිරී යයි.
හවසට රේල් පාරෙන් ඇසෙන කෝච්චි හූ හඩට අමතරව කොල්ලො කුරුට්ටන්ගේ ගෝශාව ය.
ගැහැනුන් සහ මිනිසුන්ගේ ගෝශාව ය. එහෙත් අද ඇත්තටම අපට අවුරුදු සේය. මල්ලි ඔහුගේ බයිසිකලයෙහි නැග කුරුල්ලෙකු සේ පියාඹයි. මටත් වඩා ඔහු මේ පරිසරය විදිනවා සේය. අපගේ අම්මා නිවැරැදි ය. ඇය අපට අලුත් ජීවිතයක් ලබාදී ඇත.
අප්පච්චී අම්මා මල්ලි සහ මම අලුත් ගෙදර කිරි ඉතිරවීය. ආච්චි සහ සීයා එදෙස බලමින් සතුටු වීය. හා හා පුරා කියා අප පාසල් යාමට පිටත් වූ අතර ඒ යන අතරමග සීයා අපට අසල්වාසීන් කිහිපදෙනෙකු හදුන්වාදුන්නේය. එනම් , මේ රෝසි මේ එලිසබෙත් මේ ලොරෙන්ස්ලාගෙ ගෙදර යනුවෙනි. තව ටිකක් දුර යනවිට මේ ගෙදර ඉන්නේ හෙක්ටර් මේ ගෙදර කැරලින් යනුවෙනි. ඒ මිනිසුන් අපට සුහද සිනහවෙන් සංග්‍රහ කලහ. මෙම නම් ඇසූ මල්ලි සහ මම සිනහසයුරක ගිලිනි. අප දෙදෙනාටම මේවා අමුතු විය. අප ජීවත් වූ පරිසරය තුල මෙවැනි නම් අප අසා නොතිබිණි . ධනපාල , දයාවතී , කර්ණාවතී යන අය එහි සිටියහ . පසුව මෙම නම් වල වෙනස විමසූ විට ගමේ පන්සලේ හාමුදුරුවෝ අපට හොද කතාවක් කියාදුනි.
"ඔය පේනවා නේද ඉස්සරහින් යන දරුවන් දෙදෙනා...ඒ දරුවන්ට තාත්තලා නෑ. මේ තමා එයාලගේ උරුමය" කියා අපට ඈතින් පියමනිමින් සිටි දරුවන් දෙදෙනෙක් පෙන්වීය. ඔවුන්ගේ නම් රෝසි සහ ජෝන් යැයි දැනගන්න ට ලැබින. මේ ගමේ නම හේවාගම. ඔයාලා අහලා තියෙනවා නේද අපේ රට ඉංග්‍රීසි , ලන්දේසි , පෘතුගීසින් යටත් කරගෙන සිටි බව . අන්න ඒ අතීතයේ දී මෙ ප්‍රදේශයත් පෘතුගීසින් ට යටත් උන ප්‍රදේශයක්, මේ ගමේ තමයි යුද්දය ට ආපු හේවායෝ ලැගුම් ගෙන හිටියේ. අන්න අර ගේ බලන්න යැයි ඈතින් පෙනෙන පරණ ක්‍රමයට නිමවා ඇති බංගලාවක් පෙන්වා ....ඒ ගෙදර තමයි ජෝන් කියන පෘතුගීසි කාරයා ඉදලා තියෙන්නේ ,ඔහු තමයි හේවායින්ගෙ අණ දෙන නිලධාරයා යන්න පැවසීය....... ඔන්න ඔය හේතු කාරනා නිසා මේ ගමට 'හේවාගම ' යන නම යෙදුනා කියලා කියනවා යැයි ස්වාමීන්වහන්සේ පැවසීය....ඒ වගේම ඒ හේවායින් මේ ගමේ කාන්තාවන් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ට දාව දරැවන් ලැබුනාලු. ඒ නිසා තමයි මේ ගමේ කතෝලික ආගමිකයන් වැඩි ....අර හේවායින්ගෙ ළමයින්ට පෘතුගීසි නම් භාවිතා කරපු නිසා එයාලගෙ පරම්පරා වල අයටත් එවැනිම නම් ලැබිලා තියනවා.
'මම ඔයාලට කිව්වේ මේයාලගෙ උරැමය පියවරැ අහිමි වීම කියලා'.... ,ඒකට හේතුව වෙලා තියෙන්නේ ඔය හේවායින් යුද්ධයෙන් පැරදිලා අපේ රට දාල යනකොට මෙහෙන් විවාහ කරගත් අයගේ දරැමල්ලන් මෙහෙම දාල ගිහින්... ඒක සාපයක් වෙලා මේ ගමේ හැම තැනම පැතිරිලා තියෙන්නෙ ...ඒ නිසා තමයි මේ ගමේ ඉන්න බොහොමයක් දරැවන්ට පියවරැ හැර යාමත් මව්වරු දෙවැනි තුන්වැනි කසාද වලට පිවිසීමත් සම්ප්රදායක් වෙලා තියෙන්නේ ....ඒක මේ ගමට අමුතු දයෙක් නෙවෙයි ....ඒ වගේම තමයි ඔයාලා දන්නවද ඔය හේවාගමෙන් බැහැල දකුණට හූවක් විතර දුර ගියහම කඩුවෙල නගරය හමුවෙනවා ..... සීතාවක රජකළ මයාදුන්නෙ රජතුමාගේ පුතා ටිකිරි කුමාරයා 2 වන රාජසිංහ නමින් රජවෙලා අර හේවාගම හිටපු 1800ක් හේවායින් මාරා දාල රට බේරා ගැනීමේ සටනට උර දුන්නා කියලත් ඒ කඩු හෝදපු වෙල 'කඩුවෙල' කියලා නම් කරලා තියෙනවා කියලත් කියනවා.........
' මේවා ජනශ්රැති වල තියන කතන්දර පුතේ.. තේරැනාද දැන් ඔයාලගේ නම් වලට වඩා මහෙ නම් වෙනස් වෙන්න හේතුව මොකක්ද කියලා.....
'අනේ ඔව් හාමුදුරුවනේ ,ඒවා අහනකොට හරිම ආසයි....මට ගෙදර යන්න හිතෙන්නෙත් නෑ.. තව කතන්දර අහන්න හිතෙනවා..... එහෙනම් අපට යන්න අවසර..... අපි තව දවසක් දං වේලකුත් අරං ඔබ වහන්සේ බැහැ දකින්න එන්නම් .. යැයි පවසා අම්මා ,අප්පච්චි,මම හා මල්ලි හාමුදුරුවෝ පැවසු කතා නැවතත් සිහිපත් කරමින් නිවසට පැමිණියහ.
මෙහි සුන්දරත්වය අදද මම විදිමි. පහසුකම් අවම ප්‍රදේශයක් වුවත් මෙහි අප ගත කරන නිදහස් ජීවිතය පිළිබද සීතු විට අප නගරබද ජීවිතයක් ගත කළාද යන්න මහත් ප්‍රෙහෙලිකාවකි.
T M T M Yatigammana
HS/2015/1194
Traditional Communication
Sunday, 29 July 2018
Thursday, 19 July 2018
රාවණ
ලංකාව... මේ ලංකාද්වීපයේ ඉතිහාසය පිලිබදව කතා කිරීමේදී වසර දහස් ගනනක් වූ අතීතය දෙස නැවත හැරී බලා කරුනු කාරනා පෙලගස්වාගත යුතුය...
වසර දෙදහස් පන්සීයක ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන ලංකාද්වීපයේ මහාවංසය ට පෙර සදහන් කරන ලද ඉතිහාසය පිලිබදව අවදානය යොමු කිරීම මංදගාමී තත්වයක පවතී...
එසේනම් එම වැලලී ගිය අතීතය පිලිබදව අපකතාකිරීමට හොදම කාලය එලඹි ඇති බව මා හට හැගී යයි...
මහාවංසය ට පෙර හෙළ ඉතිහාසය ගැන කදිමට නිදසුන් දෙන කාව්‍යක් ලෙස වාල්මිකී විසින් රචිත , ඉන්දියානු වන් අදටද බක්තියෙන් සමරන රාමායණ ග්‍රන්ථය හැදින්විය හැකිය...රාමායණය තුලින් ලාංකේය ප්‍රෞඩ ඉතිහාසය තුල වැලලී ගිය ඒ මහා යුග පුරුශයා පිලිබදව කදිමට නිදසුන් සපයයි...
ඒ අන් කවරකුවත් නොව ශ්‍රෙෂ්ඨ වූ මහා අධිරජ දස ශීර්ෂපති මහා රාවණයන් ය...රාමායණය තුලින් ස්ත්‍රී සොඩකු ලෙස චරිතඝාතනය කලද...රන්පත්තිරු මත ලියවුනු රාවණ පුවත් හමුවීම සමග රාවණ ශක්තිය හා අභිමානවත් උත්තම රජකුගේ රාජ්‍ය සමය පිලිබද කතාව ලොවට හෙලිදරව් විය...
ලොව මුල්ම ගුවන් යානා තාක්ෂණය ( අහස් විමාන තාක්ෂණය ) මෙන්ම පෞද්ගලික ගුවන් යානා තාක්ෂණය ( දඩුමොණර තාක්ෂණය ) මෙන්ම හෙලවෙද තාක්ෂණය වැනි ග්රන්ථ ( කුමාරතන්ත්ර ) වැනි කෘතීන් රාවණයන් අතින් දායාද විය..
එමෙන්ම යුධ ශිල්පයේ නිපුණයකු වූ රාවණයන් රටවල් වල යුධ ශක්තිය අබිබවමින්.. මහා අධිරජකු වීමට සමත්විය... ඔලිම්පස් රණකෙලියටද මෙතුමා සහබාගි වී ඇති අතර රාඕ දෙවියන් ලෙස රාවණයන් හැදින්වූ අතර මෙතුමා වෙනුවෙන් ඊජිප්තුව පාලනයකල උප නිරිදුන් පාරාඕ නම් විය..
රාවණයන් හා මදෝරා බිසව හට දාව තම ශක්තය ද අබිබවමින් මහා වීරවරයකු ලෙස උස්මහත් වන අතිදක්ශ පුත්‍රයකු සිටි අතර ඔහුගේ නාමය මේඝනාදවිය...
මේඝනාදකුමරුවන් ඉන්ද්‍ර දෙවියන් ජීවග්රහයෙන් යටත් කල බැවින් ඉන්ද්‍රජිත් ලෙස නාමය පටබැදුනු අතර ඔහු යුධ ශිල්පයේ නිපුණයකු බවට පත්ව සිටියේය....
දිනගනනක් කතා කල හැකි ප්‍රෞඩ වූ ඉතිහාසයකට උරුමකම් කියන අප , අප්ගේ හෙළ තාක්ෂණය හා හෙළ ඉතිහාසය අමතක කරමින් ගමන් කිරීම..ශෝකයට කරුණකි...

Monday, 9 July 2018
අම්මා
විසිදෙවසරක ට පෙර දිනේ
සැබෑ වූ ඇගේ සිහිනේ
මා හඩන විට සැබෑ වී හිනැහුණේ
අම්මා නම් වී මගේ දිවියේ
සගවා ඇගේ කදුලැල්
පිසදා මගේ හැඩුමන්
මැනිකක් ලෙසින් නිකැලැල්
හැදුවා මා මහමෙරක් විලසින්
මගේ සිනහව දැක මදහසින්
ආදරෙන් සිප සනසමින්
කලා නම් හිත හොදින් ඔවදන්
අම්මා පමනයි දිවියේ සැමකල්
වරදක් දුටුව තැනදිත්
නොම ඉවස ඈ කලා දඩුවම්
හැඩුවත් නොනැවතී එවිට මං
පසුව වැටහුනි හොදටමයි මගෙ සදාකල්
අම්මේ ඔබ මගේ අම්මා වීලා
මතු බවයෙදිත් එන්න සැමදා
මේ බවේ මගේ.ආයූ වලදා
තුරුල් වෙන්නකෝ දෝනි සනසා
සංවර්ධනය වෙමින් පවතී...
ලංකා
ලංකාව .. ඉන්දියන් සාගරයේ මුතු ඇටය... තව බත දුන් දේශය සිලෝන වගේ ගොඩක් නම් අපේ ලංකාවට තියෙනවා... ලංකාව එහෙමත් නැත්තම් ශ්‍රී ලංකාව... මේ රටේ මිනිස්සු මොන වගේද.. ඒ විදිහට කාගෙන් හරි ප්‍රශ්නයක් ඇහුවොත් ... ඒ ප්‍රශ්නෙට ගොඩක් උත්තර ලැබෙයි... හැබැයි පිලිගන්නම ඕන කාරනයක් තියෙන්වා..ගොඩක් උත්තර අතරෙ මෙන්න මේ විදිහෙ උත්තරයක් තියෙයි... " මිනිස්සු ටිකක් කම්මැලී....."
හරියටම මෙන්න මේ උත්තරය ගැන ඔයා ඔයාගෙ හදවතින් ප්‍රශ්න කරලා බලන්න ... මේක ඇත්තද බොරුද? ටිකක් කල්පනා කරගෙන යනකොට ඔයාට හිතෙනවා නේද? අප්පද බොල ඇත්ත නේන්නම් අපේ උන් මාර කම්මැලීනේ...... ඔහොම ඉන්න ඔහොම ඉන්න... අන්න ඔයාට වැරදුනා... අපේ උන් නෙවෙයි... ඒක චුට්ටක් වෙනස් කරලා හිතන්න...බහු වචනෙන් නෙවෙයි ... මෙන්න මේ විදිහට... ලංකාවෙ මිනිස්සු කල්ම්මැලී... මමත් ලංකාවෙ මනුස්සයෙක් එතකොට මම......
ඔව් ඔව් මම තමයි.. මමත් ඉතින් කම්මැලීනේ...
දැන් ඔයා කල්පනා කරන්නෙ .. ඇත්තටම ඔයා කම්මැලීද කියලා..දැන් ඔයා හිතනවා එදිනෙදා කරන වැඩ උදේම නැගිටිනවා..දවස පුරාම ජොබ් එක හරි නැත්තම් ඉගෙනීම හරි... දවසෙම කන්නවත් වෙලාවක් නෑ... රෑ වෙලා ඇවිල්ලා නිදාගන්නවා... හැමෝම කම්මැලි උනාට මම නම් කම්මැලි නෑ .. ඔයා දැන් එහෙම හිතුවා නේද?
මම කියනවා නෑ...... මොන දේ කලත ඔයා කම්මැලි ...
ඔයා කම්මැලි .....ඔව් ඔව් ඒක ඇත්ත...ඔයා කම්මැලි තමයි...
දැන් ඔයා හිතනවා ඇති... පිස්සුද මන්දා.. මේ තරම් වැඩ කරන මම කොහොමද කම්මැලි වෙන්නෙ?
හරි මම කියන්නම්....ඔයා කම්මැලි කියන්නෙ ඇයි කියලා..
උදේම නැගිටිනවා නේද ඔයා... උදේම නැගිටින්න ඔයා එලාම් එක තියනවා ඇති... හිතලා බලන්න... ඔයා එලාම් එක වදිනකොට හරිම සතිටින් නැගිටිනවද කියලා... නෑ නේ... එලාම් එකට බනින බැනිල්ලට හදපු මිනිස්සුන්ටත් කිඹුහුම් යනවා..
තව තියෙන්වා තව තියෙන්වා ඔයා කම්මැලි කියන්න දේවල්... එලාම් එක ඕෆ් කරලා ඔයා තව විනාඩි පහක් හරි නිදාගන්නවා නේද? හිතලා බලන්න.. ඔයා උදේට නැගිටින්නම කොයි තරම් කම්මැලිද කියලා..
ම්ම්ම්......දැක්ක නේද ඔයා කම්මැලි කියලා....මම කිව්ව හරිනේ...
මෙන්න මේ ටිකත් අහන්නකෝ...
ඔයා දවස පුරාම ජොබ් එකේ ඉන්නවා ඇති..එහෙමත් නැත්තම් ලෙක්චර්ස් වල ඉන්නවා ඇති...ඒත් ඔයා ජොබ් එකෙන් වෙලාවට කලින් යන්න කොයි තරම් ආසද ? වැඩ නොකර අයිස් ගහන්න කොයි තරම් ආසද? ලෙක්චර්ස් කට් කරන්න කොයි තරම් ආසද? ලෙක්චර්ස් වෙලාවට හොදට නිදාගන්න කොයි තරම් ආසද? .... ම්ම්ම්ම්ම්ම් හිතලා බලන්න... ඔයා මේ දේවල් වලට ගොඩක් ආසයි නේද? ඉතින් කොහොමද කියන්නෙ අපි කම්මැලි නැ කියලා...
හිතන්න අපේ රට ගැන පොතක තියෙන විදිහ..
වසර දෙදහස් පන්සීයක ලිඛිත ඉතිහාසයක් ඇති එකම රට.. අභිමානවත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන වැව් බැදි රාජ්‍ය.. මෙම අලංකාර වූ අපගේ මව්බිමේ..........හෝව් හෝව් ඒ ඉස්සර
දැන් ...........
අපේ කාලෙත් , අපේ තාත්තලගෙ කාලෙත්... අපේ සීයලගේ කාලෙත් අපි හැමෝම ඉගෙනගන්න පොදු දෙයක් තියෙන්වා... ඒ අපේ රට ගැන..
ශ්‍රී ලංකාව දකුණු ආසියාතික රටක් වන අතර එය සංවර්ධනය වෙමින් පවතින රටකි...
දැක්කා නේද? ආපහු දෙවෙනි වාක්‍ය කියවලා බල්න්න...
සංවර්ධනය වෙමින් පවතින රටකි...
දැන් හිතෙනවා නේද... ඔව් නේ හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක්නෙ...
ඇයි අපිට මෙහෙම උනේ....? හිතන්න හොදට හිතන්න... ඉන්දියානු සාගරයටම තියෙන ලස්සනම රට... ඕනම දෙයක් වගා කරන්න පුලුවන් දේශගුණය ... හොදට හයි හත්තිය තියෙන මිනිස්සු ඉන්න රට... ගිනිකදු වගේ දේවල් ලංකාවෙ නෑ... මේක කොයි තරම් ලස්සන රටක්ද...
මෙහෙම බයිලා ගැහුවට වැඩක් නෑ......එදා සිංගප්පූරුව හැදුවේ ලංකාව දිහා බලාගෙන... අද ලංකාවයි සිංගප්පූරුවයි තියෙන තැන .......
හරියට අහසයි පොලොවයි වගේ...
අපේ මිනිස්සු කොයි තරම් කම්මැලි ද කියන්වනම්...අපද්‍රව්‍ය ටික වත් වෙන්කරලා බැහැර කරන්නෙ නෑ... තමන්ගෙ ශක්ත්යෙන් නෙවෙයි... අනුන්ව කපාගෙන...අනුන්න්ගෙ දේවල් වලට ලකුණු දාගෙන ඉස්සරහට යන්න බලන්නෙ...
ඒ ඇයි.... අර ප්‍රෞඩ ජාතියට මොකද උනේ.....
මේ හැමදේකටම මුල කම්මැලිකම... හිතලා බලන්න මොනදේටද කම්මැලි නැත්තේ?
තමන් කාලාබීලා ජීවත්වෙන රස්සාවට යන්නත් කම්මැලි මිනිස්සු ඉන්නරටක්.... ඉතින් තව අවුරුදු සීයක් ගියත් මේ රට ගැන ලියන්න වෙන්නෙ...
ශ්‍රි ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි..

Subscribe to:
Comments (Atom)
රාවණයන් ද ප්‍රගුණ කල අංගම්
අතීතයේ කතරගම මහාසෙන් නමින් රණශූරයෙක් වාසය කළ බව ඉතිහාසයේ සඳහන් ය. රණශූරත්වය මත මරණින් පසු ඔහු දේවත්වයට පත්ව කතරගම දෙවියන් නමින් ප්‍රසිද්ධ ව...
-
මඩුවන්වෙල මහා දිසාවේ හැඳින්වීමට පැරැන්නන් විසින් “මඩුවන්වෙල කළු කුමාරයා” යන අන්වර්ථ නාමය යොදාගන්නා ලද්දේ ඔහුගේ පෙනුමෙහි පැවති සුවිශේෂී ස...
-
ගම්පොළ යුගයේ විසූ හෙළ කලාකරුවන්ගේ අසහාය දස්කම් විස්කම් කෙබඳු මට්ටමක තිබිණි ද යන්න ඉතා මැනැවින් විදහා දැක්වෙන අපූර්වතම නිර්මාණයක් ලෙස, කන්ද ...