Monday, 9 July 2018

සංවර්ධනය වෙමින් පවතී...

ලංකා

ලංකාව .. ඉන්දියන් සාගරයේ මුතු ඇටය... තව බත දුන් දේශය සිලෝන වගේ ගොඩක් නම් අපේ ලංකාවට තියෙනවා... ලංකාව එහෙමත් නැත්තම් ශ්‍රී ලංකාව... මේ රටේ මිනිස්සු මොන වගේද.. ඒ විදිහට කාගෙන් හරි ප්‍රශ්නයක් ඇහුවොත් ... ඒ ප්‍රශ්නෙට ගොඩක් උත්තර ලැබෙයි... හැබැයි පිලිගන්නම ඕන කාරනයක් තියෙන්වා..ගොඩක් උත්තර අතරෙ මෙන්න මේ විදිහෙ උත්තරයක් තියෙයි... " මිනිස්සු ටිකක් කම්මැලී....."

හරියටම මෙන්න මේ උත්තරය ගැන ඔයා ඔයාගෙ හදවතින් ප්‍රශ්න කරලා බලන්න ... මේක ඇත්තද බොරුද? ටිකක් කල්පනා කරගෙන යනකොට ඔයාට හිතෙනවා නේද? අප්පද බොල ඇත්ත නේන්නම් අපේ උන් මාර කම්මැලීනේ...... ඔහොම ඉන්න ඔහොම ඉන්න... අන්න ඔයාට වැරදුනා... අපේ උන් නෙවෙයි... ඒක චුට්ටක් වෙනස් කරලා හිතන්න...බහු වචනෙන් නෙවෙයි ... මෙන්න මේ විදිහට... ලංකාවෙ මිනිස්සු කල්ම්මැලී... මමත් ලංකාවෙ මනුස්සයෙක් එතකොට මම......
ඔව් ඔව් මම තමයි.. මමත් ඉතින් කම්මැලීනේ...

දැන් ඔයා කල්පනා කරන්නෙ .. ඇත්තටම ඔයා කම්මැලීද කියලා..දැන් ඔයා හිතනවා එදිනෙදා කරන වැඩ උදේම නැගිටිනවා..දවස පුරාම ජොබ් එක හරි නැත්තම් ඉගෙනීම හරි... දවසෙම කන්නවත් වෙලාවක් නෑ... රෑ වෙලා ඇවිල්ලා නිදාගන්නවා... හැමෝම කම්මැලි උනාට මම නම් කම්මැලි නෑ .. ඔයා දැන් එහෙම හිතුවා නේද?

මම කියනවා නෑ...... මොන දේ කලත ඔයා කම්මැලි ...
ඔයා කම්මැලි .....ඔව් ඔව් ඒක ඇත්ත...ඔයා කම්මැලි තමයි...

දැන් ඔයා හිතනවා ඇති... පිස්සුද මන්දා.. මේ තරම් වැඩ කරන මම කොහොමද කම්මැලි වෙන්නෙ?

හරි මම කියන්නම්....ඔයා කම්මැලි කියන්නෙ ඇයි කියලා..

උදේම නැගිටිනවා නේද ඔයා... උදේම නැගිටින්න ඔයා එලාම් එක තියනවා ඇති... හිතලා බලන්න... ඔයා එලාම් එක වදිනකොට හරිම සතිටින් නැගිටිනවද කියලා... නෑ නේ... එලාම් එකට බනින බැනිල්ලට හදපු මිනිස්සුන්ටත් කිඹුහුම් යනවා..

තව තියෙන්වා තව තියෙන්වා ඔයා කම්මැලි කියන්න දේවල්... එලාම් එක ඕෆ් කරලා ඔයා තව විනාඩි පහක් හරි නිදාගන්නවා නේද? හිතලා බලන්න.. ඔයා උදේට නැගිටින්නම කොයි තරම් කම්මැලිද කියලා..

ම්ම්ම්......දැක්ක නේද ඔයා කම්මැලි කියලා....මම කිව්ව හරිනේ...

මෙන්න මේ ටිකත් අහන්නකෝ...

ඔයා දවස පුරාම ජොබ් එකේ ඉන්නවා ඇති..එහෙමත් නැත්තම් ලෙක්චර්ස් වල ඉන්නවා ඇති...ඒත් ඔයා ජොබ් එකෙන් වෙලාවට කලින් යන්න කොයි තරම් ආසද ? වැඩ නොකර අයිස් ගහන්න කොයි තරම් ආසද? ලෙක්චර්ස් කට් කරන්න කොයි තරම් ආසද? ලෙක්චර්ස් වෙලාවට හොදට නිදාගන්න කොයි තරම් ආසද? .... ම්ම්ම්ම්ම්ම් හිතලා බලන්න... ඔයා මේ දේවල් වලට ගොඩක් ආසයි නේද? ඉතින් කොහොමද කියන්නෙ අපි කම්මැලි නැ කියලා...

හිතන්න අපේ රට ගැන පොතක තියෙන විදිහ..
වසර දෙදහස් පන්සීයක ලිඛිත ඉතිහාසයක් ඇති එකම රට.. අභිමානවත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන වැව් බැදි රාජ්‍ය.. මෙම අලංකාර වූ අපගේ මව්බිමේ..........හෝව් හෝව් ඒ ඉස්සර

දැන් ...........

අපේ කාලෙත් , අපේ තාත්තලගෙ කාලෙත්... අපේ සීයලගේ කාලෙත් අපි හැමෝම ඉගෙනගන්න පොදු දෙයක් තියෙන්වා... ඒ අපේ රට ගැන..

ශ්‍රී ලංකාව දකුණු ආසියාතික රටක් වන අතර එය සංවර්ධනය වෙමින් පවතින රටකි...

දැක්කා නේද? ආපහු දෙවෙනි වාක්‍ය කියවලා බල්න්න...

සංවර්ධනය වෙමින් පවතින රටකි...

දැන් හිතෙනවා නේද... ඔව් නේ හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක්නෙ...

ඇයි අපිට මෙහෙම උනේ....? හිතන්න හොදට හිතන්න... ඉන්දියානු සාගරයටම තියෙන ලස්සනම රට... ඕනම දෙයක් වගා කරන්න පුලුවන් දේශගුණය ... හොදට හයි හත්තිය තියෙන මිනිස්සු ඉන්න රට... ගිනිකදු වගේ දේවල් ලංකාවෙ නෑ... මේක කොයි තරම් ලස්සන රටක්ද...

මෙහෙම බයිලා ගැහුවට වැඩක් නෑ......එදා සිංගප්පූරුව හැදුවේ ලංකාව දිහා බලාගෙන... අද ලංකාවයි සිංගප්පූරුවයි තියෙන තැන .......

හරියට අහසයි පොලොවයි වගේ...

අපේ මිනිස්සු කොයි තරම් කම්මැලි ද කියන්වනම්...අපද්‍රව්‍ය ටික වත් වෙන්කරලා බැහැර කරන්නෙ නෑ... තමන්ගෙ ශක්ත්යෙන් නෙවෙයි... අනුන්ව කපාගෙන...අනුන්න්ගෙ දේවල් වලට ලකුණු දාගෙන ඉස්සරහට යන්න බලන්නෙ...

ඒ ඇයි.... අර ප්‍රෞඩ ජාතියට මොකද උනේ.....

මේ හැමදේකටම මුල කම්මැලිකම... හිතලා බලන්න මොනදේටද කම්මැලි නැත්තේ?

තමන් කාලාබීලා ජීවත්වෙන රස්සාවට යන්නත් කම්මැලි මිනිස්සු ඉන්නරටක්.... ඉතින් තව අවුරුදු සීයක් ගියත් මේ රට ගැන ලියන්න වෙන්නෙ...

ශ්‍රි ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි..





 

6 comments:

රාවණයන් ද ප්‍රගුණ කල අංගම්

අතීතයේ කතරගම මහාසෙන් නමින් රණශූරයෙක් වාසය කළ බව ඉතිහාසයේ සඳහන් ය. රණශූරත්වය මත මරණින් පසු ඔහු දේවත්වයට පත්ව කතරගම දෙවියන් නමින් ප්‍රසිද්ධ ව...