Monday, 9 July 2018

අම්මා


 විසිදෙවසරක ට පෙර දිනේ
සැබෑ වූ ඇගේ සිහිනේ
මා හඩන විට සැබෑ වී හිනැහුණේ 
අම්මා නම් වී මගේ දිවියේ

සගවා ඇගේ කදුලැල් 
පිසදා මගේ හැඩුමන්
මැනිකක් ලෙසින් නිකැලැල්
හැදුවා මා මහමෙරක් විලසින්

මගේ සිනහව දැක මදහසින්
ආදරෙන් සිප සනසමින්
කලා නම් හිත හොදින් ඔවදන්
අම්මා පමනයි දිවියේ සැමකල්

වරදක් දුටුව තැනදිත් 
නොම ඉවස ඈ කලා දඩුවම්
හැඩුවත් නොනැවතී එවිට මං
පසුව වැටහුනි හොදටමයි මගෙ සදාකල්

අම්මේ ඔබ මගේ අම්මා වීලා
මතු බවයෙදිත් එන්න සැමදා
මේ බවේ මගේ.ආයූ වලදා
තුරුල් වෙන්නකෝ දෝනි සනසා



8 comments:

රාවණයන් ද ප්‍රගුණ කල අංගම්

අතීතයේ කතරගම මහාසෙන් නමින් රණශූරයෙක් වාසය කළ බව ඉතිහාසයේ සඳහන් ය. රණශූරත්වය මත මරණින් පසු ඔහු දේවත්වයට පත්ව කතරගම දෙවියන් නමින් ප්‍රසිද්ධ ව...