Wednesday, 29 August 2018

රාවණයන් ද ප්‍රගුණ කල අංගම්



අතීතයේ කතරගම මහාසෙන් නමින් රණශූරයෙක් වාසය කළ බව ඉතිහාසයේ සඳහන් ය. රණශූරත්වය මත මරණින් පසු ඔහු දේවත්වයට පත්ව කතරගම දෙවියන් නමින් ප්‍රසිද්ධ විය. පසුකාලීනව මේ කතරගම දෙවියන් අසුරයන් හා යුද්ධයකට මැදිවිය. එහිදී කතරගම දෙවියන් භාවිතා කළ යුද ක්‍රමය වුයේ අංගම්පොරයි. මේ ආකාරයට බොහෝ අතීත රණ ශුරයන් අනුගමනය කළ අංගම්පොර ශිල්පය වසර 33000 කට වැඩි අතීත කාල පරාසයන් දක්වා දිව යයි. රාවණා රජු ද රාමා සමඟ යුද්ධයේ දී අංගම් පොර ශිල්පය යොදාගත් බව ජනප්‍රවාදගතව ඇත.


කෝට්ටේ රාජධානියට පෙර ගම්පොළ රාජධානිය සමයේ අලකේෂ්වර නම් ව්‍යාපාරිකයෙක් විය. ඔහු දක්ෂ අංගම් ශිල්පියකි. අංගම් සටන් කලාව සම්බන්ධව ගම්පොළ විසූ පණ්ඩිත වරසම්බෝධි හිමි විසින් ඇම්.සි. රඝවන් මහතා දෙන ලද පැරැණි සිංහල කවියක මෙසේ සඳහන් කර ඇත. අලකේෂ්වර නම් ශිල්පියාගෙන් කෝට්ටේ රාජධානියට සපැමිණි බව ඉන් කියැවේ.



මෙසේ ශතවර්ෂ ගණනාවන් හෙළ දිව අසහාය රණශූරයෝ බිහිකළ අංගම් ශිල්පය විවිධාගමන හා කුවේණිගේ පාවාදීමෙන් අනතුරුව සී.සී. කඩව විසිර ගියහ. කෝට්ටේ සහ සිතාවක හේවාගම් කෝරළය තුළ කොරතොට රජ මහා විහාරය කේන්ද්‍රකොට ගෙන මෙම සටන් ශිල්පය රහසිගත ව පවත්වාගෙන යෑමට ඉතිරි වූ ගෝත්‍රික නායකන් සමත් වූ බව කියැවේ. මෙරට අංගම් මඩු, ඉලංගම් මඩු යෞවන යෞවනියන්ගෙන් පිරි ගිය යුගයක් තිබිණ. රෝබට් නොක්ස්, ක්වේරොස්, ජුගන් හැන්ඩර්්‍යන් වැනි විදේශීය ඉතිහාඥයන් සිය ග්‍රන්ථවල පැහැදිලිව ඒ බව සටහන් කර ඇත. සුදලිය හා මරුවල්ලියගේ සටන් අභ්‍යාස විද්‍යාල සිංහලේ අවසන් රජුගේ යුගය දක්වාම පැවැති බව මේජර් ඩේව් සිය ග්‍රන්ථයේ සඳහන් කරයි.


අංගම් පොර සටන් හදාරණ රණකාමීන් තුළ දැඩි විනයක් ද නිතීගරුක බවක් ද පවතී. අංගම් හරඹයේ ගැට පොරා නිලා නක්ෂත්‍රය, වෙදකම මන්ත්‍රශෘස්ත්‍රය යන සම්පුර්ණ විෂය කොටස් හයකින් යුක්තය. අංගම් සටන් ශිල්පයට අවතිරණ වන ආධුනික ශිල්පියකු සටන් හරඹය ආරම්භයේදීම සටනට අධිපති දෙවිවරුන් හා අඩවියට අධිපති දෙවිවරුන්ගෙන් අවසර පතා සටනට උරුම කම් කියා වියෝ වූ ගුරුදෙගුරුන්ගෙන් අවසර පැතිය යුතුයි. අංගම් ශිල්පයේදි සටන් ශිල්පියාට කන්දේ ලන්දේ ගෙැඩල්ලේ , දිය ගොඩ, මඩ යන ඕනෑම තැනකදී සටනට මුහුණු දීමට හැකි අයුරින් සටන් පුහුණුව සිදුවේ.



ඉන්පසු ව්‍යායාම් පද්ධති ඉගෙනීම ආරම්භ වෙයි. අංගම් ශිල්පයේ මණ්ඩි නමස්කාර ක්‍රම තුනක් වේ. දෙවියන් වෙනුවෙන් දෙවියන්ගෙන් අකර්ෂණය ලබාගැනීමට මෙය සිදු කරයි. විෂ්ණු, ශිල්පයේ දී අදහන දෙවියන්, කතරගම දෙවියන්ට මෙය සිදුකරයි. සහස්‍ර, විසති, ශක්ති නමස්කාර ලෙස හඳුන්වා දියහැක. අංගම් පොර ඇල්ලිමේදී සටනක දී පහරදිම් හා පහර වළක්වා ගැනීමේදී යොදා ගන්නේය. මෙහිදී පොර ඇල්ලිමද ශක්තිවන්තයා දිනන බව සෑම අයකුටම සිතුණ ද අංගම් හි දිනුම හිමි වන්නේ බුද්ධිමතාටය. ශක්ති වනන්තයකු හෝ උපක්‍රමශිලීව පැරදිවීමට හැකි අභ්‍යාස අංගම් වල දී ශිල්පින්, ප්‍රගුණ කරන්නේය. නිල හරඹයේ දී මිනිස් ශරීරියේ ඇති නිල 107ක් ගැන අංගම් සටන් ශිල්පියාට උගන්වන්නේය. ප්‍රතිවාදීන්ට මෙල්ල කිරීමට හෝ යම් අවස්ථාවක අඩපණ කිරීම හෝ මරණය දක්වාම සටනේදී නිල භාවිතය කිරීමට හැකිය. වින කරන පුද්ගලයන් සමාජයන් තුරන් කිරීමට කෝට්ටේ රාජධානිය තුළ විශේෂයෙන් අංගම් පිටිවලදී උගන්වා තිබි ඇත. මෙම නිල ශාස්ත්‍රය ලබා දීමට පෙර ඔහුගේ ජන්ම පත්‍රය ගෙන නක්ෂත්‍රය පිහිට පතනු ඇත.එමෙන්ම මේ සටන් ශිල්පය හැදැරීමට පැමිණෙන පුද්ගලයාගේ අරමුණ හා ඉලක්කය කුමක් ද කියා වටහා ගැනීමට ඇදුරන්ට පෙර සිටම හැකියාව ඇත. ඒ, ඔවුන් භාවනා යෝගිව සිත දියුණු කර අධ්‍යාත්මික ශක්තිය නිසාය. පෙර ආත්මයේ හා බැඳි එන නියමයන් හා මෙම යෝග ශිල්පය බැඳි පවතින්නේය. මන්ත්‍ර ශාස්ත්‍රය නොමැති තැන අංගම් හරබයක් ද නොමැති බව එහි උරුමක්කරුවෝ පෙන්වා දෙති. අංගම් කලාවේ ඇති විෂ්ණු මණ්ඩල සටන ඉතාමත් සංකීර්ණ සටන් පුහුණුවක් වේ. මෙය ගුරුකුලත් ගුරුකුලට වෙනස් වේ

HS/2015/1194
මුද්‍රිත මාධ්‍ය පැවරුම

ඇම්බැක්කේ දේවාලය



ගම්පොළ යුගයේ විසූ හෙළ කලාකරුවන්ගේ අසහාය දස්කම් විස්කම් කෙබඳු මට්ටමක තිබිණි ද යන්න ඉතා මැනැවින් විදහා දැක්වෙන අපූර්වතම නිර්මාණයක් ලෙස, කන්ද උඩරට පිහිටි 'ඇම්බැක්කේ දේවාලය' හැඳින්විය හැකිය.


ලෝක ප්‍රසිද්ධියට පත්වී ඇති මේ ගොඩනැගිලි සංකීර්ණය, එදා ගෘහ නිර්මාණ ශිල්පයේත්, ලී කැටයම් කලා‍වේත් මන බන්දනීය සම්මිශ්‍රණයකි. ඇම්බැක්ක ග්‍රාමය පිහිටා ඇත්තේ දවුලාගල ගම ආසන්නයේ ය.


කොළඹ-මහනුවර මහා මාර්ගයේ පිලිමතලාවෙන් හැරී, දවුලාගල මාර්ගයේ කිලෝ මීටර අටක් පමණ ගමන් කිරීමෙන් පසු , රමණීය පරිසරයක් දායාද කර ගත් දේවාල භූමිය වෙත ළඟා විය හැකි ය. එම දුර ප්‍රමාණය පසු කරන අතරවාරයේදී, එම යුගයේම නිර්මිත තවත් අලංකාර පුදබිම් දෙකක් වන ‘ලංකාතිලක විහාරය ' සහ ‘ගඩලාදෙණිය විහාරය' මෙන් ම, සරුසාර කෙත්වතු, කඳුවැටි ද නෙත ගැටේ.


ඇම්බැක්ක දේවාලයට ඇතුළු වන ස්ථානයේ ප්‍රථමයෙන් ම දැකිය හැක්කේ, අපූරු නිමැවුමක් වන දෙවොලේ වාහල්කඩ ය. එය පසු කරත්ම, දේවාලයේ ‘දික්ගේ‘ යනුවෙන් හැඳින්වෙන රංග ශාලාව දැකගත හැකි ය. එය අඩි 52 ක් දිගින් ද, අඩි 26 ක් පළලින් ද යුක්ත ය.


මේ ගොඩනැගිල්ල තැනීමේදී, අත්තිවාරම් පාදයේ ගිල්වන ලද කෙටි ගල් කණු මත කැටයම් කළ විසිතුරු ලී කණු 32 ක් සවිකර, වහලය ගසා තිබෙන බව කියැවේ. මේ දෙවොල සදහා පාවිච්චි කර ඇති දැව වර්ග අතර ගම්මාළු, ගිනිසපු, නා සහ පිහිඹිය ද වෙයි.


ක්‍රිස්තු පූර්ව1371-94 තෙක් ගම්පොළ යුගයේ රජ කළ 111 වැනි වික්‍රමබාහු නිරිඳුන්ගේ පාලන සමයේ , නුවර මැද පළාත කෝරළේ ඇම්බැක්ක ගමේ ඉදි කරවන ලද මේ දේවාලයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ, දේවෙන්ද්‍ර මූලාචාරී නම් වූ එවකට සිටි අති දක්ෂ ශිල්පියකු බව සඳහන් ය.මෙය ලී කැටයම් ශිල්පින් තිදෙනකුගේ විස්කමක් බවට ද විශ්වාසයක් පවතී.පසු කාලීනව මහනුවර රජ කළ රජවරුන් මෙය වරින් වර පිළිසකර කර ඇත.


වික්‍රමබාහු රජුගේ හෙන්කන්ද බිසෝ බණ්ඩාර නම් වූ බිසවට කතරගම දෙවියන් සිහිනෙන් පෙනීසිට, තමා වෙනුවෙන් දේවාලයක් කරවන ලෙස බිසවගෙන් කරන ලද ඉල්ලීමකට අනුව, එම සිහිනයම දුටු බව කියන ‘ රන්ගම ‘නම් වූ බෙර වයන්නා ද සමඟ මේ


දෙවොල ඉදි කළ බව කියැවේ. මහසෙන් හෙවත් කතරගම දෙවියන් උදෙසා මේ දේවාලය තනා ඇත.


කොටස් තුනකින් යුක්තව තිබූ දෙවොල, ඈත අතීතයේදී දෙමහල් ගොඩනැගිල්ලක්ව තිබී ඇතත්, කාලය සමඟ එය ගරා වැටෙන්නට ඇතැයි ද මතයක් පවතී. මෙහි ඇතුල් විහාරයේ දේව ප්‍රතිමාවක් ද තිබී ඇත.‘දික්ගෙය‘ට නුදුරින් පිහිටියේ රංග ශාලාව ය.මෙහි වෙනත් බෙර වැයුම් ශාලාවක් ද ඇත. පසු කාලීනව රජ කළ රජවරුන්, මේ දේවාලය වරින් වර පිළිසකර කරවන ලද බව කියැවේ.


මෙහි වර්ග 125 ක සැරසිලි මෝස්තර ඇතුළත් ය. ළියවැල් ආශ්‍රිත නිර්මාණ 256 ක් ද, නෙළුම් මල් ආශ්‍රිත නිර්මාණ 64 ක් ද, වහළ මෝස්තර 30 ක් ද මෙයට ඇතුළත් ය. මෝස්තර වර්ග සියල්ලේ එකතුව 514 කි.



කින්නර, අර්ධ පක්ෂී සහ අර්ධ කාන්තා රූප මෙහි ඇත. හිස් දෙකේ භේරුණ්ඩ පක්ෂියා, සිංහ, ඇත්, රාජාලි, දෙමුහුන් ගජසිංහ, මකරා, අංගම් පොර සහ කිරිදෙන මව යන නිර්මාණ වඩාත් කැපී පෙනේ. මේ නිර්මාණ එවකට ඉතා මටසිලිටි ලෙස ඔපදමා තිබෙන්නටඇතැයි උපකල්පනය කළ හැකි ය. කණුවල අඟල් 9 x 9 කොටු වල මේ කැටයම් කපා තිබේ. මෙහි ඇති වඩාත්ම ජන අවධානයට ලක්වන ප්‍රධානතම දැව නිර්මාණය ‘මඩොල් කුරුපාව‘ නමින් හැඳින්වේ. මෙය දැවැන්ත පරාල 26 ක් එකට සම්බන්ධ කෙරෙන පරිදි නිමවන ලද, විශාල දැවමය කූඤ්ඤයක් වැන්න. මේ නිර්මාණය වෙන කිසිම තැනක දක්නට


නොලැබෙන, ශ්‍රී ලංකාවටම සීමා වූ නිර්මාණයක් බව ‘යුනෙස්කෝ‘ ආයතනය මඟින් ද සනාථ කර ඇත.


මෙහි ‘ගර්භය‘ යනුවෙන් වැහැරෙන කොටස බුදු කුටියකි. හේවිසි මණ්ඩපය යනුවෙන් ද කොටසක් මෙහි ඇත.මෙහි පූජා යනාදියට අවශ්‍ය ධාන්‍ය වර්ග තැන්පත් කර ඇත්තේ, වී අටුව නමැතී ලී කොටන් මත දේවාල බිමේ ඉදි කර ඇති වී බිස්සක් වැනි වෙනම ගොඩනැගිල්ලක ය. එවකට දේවාලයේ දෛනිකව පූජා වාර තුනක් පවත්වා ඇතැයි කියැවේ.


දෙස්, විදෙස් සංචාරක පිරිස් දෛනිකවම මෙහි පැමිණෙති. පැරැණි හෙළ කලාකරුවන්ගේ කලා කෞශල්‍යයේ මහිමය දැක මවිතයට පත් වෙති.



ගම්පොළ යුගයේ විසූ හෙළ කලාකරුවන්ගේ අසහාය දස්කම් විස්කම් කෙබඳු මට්ටමක තිබිණි ද යන්න ඉතා මැනැවින් විදහා දැක්වෙන අපූර්වතම නිර්මාණයක් ලෙස, කන්ද උඩරට පිහිටි 'ඇම්බැක්කේ දේවාලය' හැඳින්විය හැකිය.


 


ලෝක ප්‍රසිද්ධියට පත්වී ඇති මේ ගොඩනැගිලි සංකීර්ණය, එදා ගෘහ නිර්මාණ ශිල්පයේත්, ලී කැටයම් කලා‍වේත් මන බන්දනීය සම්මිශ්‍රණයකි. ඇම්බැක්ක ග්‍රාමය පිහිටා ඇත්තේ දවුලාගල ගම ආසන්නයේ ය.


කොළඹ-මහනුවර මහා මාර්ගයේ පිලිමතලාවෙන් හැරී, දවුලාගල මාර්ගයේ කිලෝ මීටර අටක් පමණ ගමන් කිරීමෙන් පසු , රමණීය පරිසරයක් දායාද කර ගත් දේවාල භූමිය වෙත ළඟා විය හැකි ය. එම දුර ප්‍රමාණය පසු කරන අතරවාරයේදී, එම යුගයේම නිර්මිත තවත් අලංකාර පුදබිම් දෙකක් වන ‘ලංකාතිලක විහාරය ' සහ ‘ගඩලාදෙණිය විහාරය' මෙන් ම, සරුසාර කෙත්වතු, කඳුවැටි ද නෙත ගැටේ.


ඇම්බැක්ක දේවාලයට ඇතුළු වන ස්ථානයේ ප්‍රථමයෙන් ම දැකිය හැක්කේ, අපූරු නිමැවුමක් වන දෙවොලේ වාහල්කඩ ය. එය පසු කරත්ම, දේවාලයේ ‘දික්ගේ‘ යනුවෙන් හැඳින්වෙන රංග ශාලාව දැකගත හැකි ය. එය අඩි 52 ක් දිගින් ද, අඩි 26 ක් පළලින් ද යුක්ත ය.


මේ ගොඩනැගිල්ල තැනීමේදී, අත්තිවාරම් පාදයේ ගිල්වන ලද කෙටි ගල් කණු මත කැටයම් කළ විසිතුරු ලී කණු 32 ක් සවිකර, වහලය ගසා තිබෙන බව කියැවේ. මේ දෙවොල සදහා පාවිච්චි කර ඇති දැව වර්ග අතර ගම්මාළු, ගිනිසපු, නා සහ පිහිඹිය ද වෙයි.


ක්‍රිස්තු පූර්ව1371-94 තෙක් ගම්පොළ යුගයේ රජ කළ 111 වැනි වික්‍රමබාහු නිරිඳුන්ගේ පාලන සමයේ , නුවර මැද පළාත කෝරළේ ඇම්බැක්ක ගමේ ඉදි කරවන ලද මේ දේවාලයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ, දේවෙන්ද්‍ර මූලාචාරී නම් වූ එවකට සිටි අති දක්ෂ ශිල්පියකු බව සඳහන් ය.මෙය ලී කැටයම් ශිල්පින් තිදෙනකුගේ විස්කමක් බවට ද විශ්වාසයක් පවතී.පසු කාලීනව මහනුවර රජ කළ රජවරුන් මෙය වරින් වර පිළිසකර කර ඇත.


වික්‍රමබාහු රජුගේ හෙන්කන්ද බිසෝ බණ්ඩාර නම් වූ බිසවට කතරගම දෙවියන් සිහිනෙන් පෙනීසිට, තමා වෙනුවෙන් දේවාලයක් කරවන ලෙස බිසවගෙන් කරන ලද ඉල්ලීමකට අනුව, එම සිහිනයම දුටු බව කියන ‘ රන්ගම ‘නම් වූ බෙර වයන්නා ද සමඟ මේ


දෙවොල ඉදි කළ බව කියැවේ. මහසෙන් හෙවත් කතරගම දෙවියන් උදෙසා මේ දේවාලය තනා ඇත.


කොටස් තුනකින් යුක්තව තිබූ දෙවොල, ඈත අතීතයේදී දෙමහල් ගොඩනැගිල්ලක්ව තිබී ඇතත්, කාලය සමඟ එය ගරා වැටෙන්නට ඇතැයි ද මතයක් පවතී. මෙහි ඇතුල් විහාරයේ දේව ප්‍රතිමාවක් ද තිබී ඇත.‘දික්ගෙය‘ට නුදුරින් පිහිටියේ රංග ශාලාව ය.මෙහි වෙනත් බෙර වැයුම් ශාලාවක් ද ඇත. පසු කාලීනව රජ කළ රජවරුන්, මේ දේවාලය වරින් වර පිළිසකර කරවන ලද බව කියැවේ.


මෙහි වර්ග 125 ක සැරසිලි මෝස්තර ඇතුළත් ය. ළියවැල් ආශ්‍රිත නිර්මාණ 256 ක් ද, නෙළුම් මල් ආශ්‍රිත නිර්මාණ 64 ක් ද, වහළ මෝස්තර 30 ක් ද මෙයට ඇතුළත් ය. මෝස්තර වර්ග සියල්ලේ එකතුව 514 කි.


කින්නර, අර්ධ පක්ෂී සහ අර්ධ කාන්තා රූප මෙහි ඇත. හිස් දෙකේ භේරුණ්ඩ පක්ෂියා, සිංහ, ඇත්, රාජාලි, දෙමුහුන් ගජසිංහ, මකරා, අංගම් පොර සහ කිරිදෙන මව යන නිර්මාණ වඩාත් කැපී පෙනේ. මේ නිර්මාණ එවකට ඉතා මටසිලිටි ලෙස ඔපදමා තිබෙන්නටඇතැයි උපකල්පනය කළ හැකි ය. කණුවල අඟල් 9 x 9 කොටු වල මේ කැටයම් කපා තිබේ. මෙහි ඇති වඩාත්ම ජන අවධානයට ලක්වන ප්‍රධානතම දැව නිර්මාණය ‘මඩොල් කුරුපාව‘ නමින් හැඳින්වේ. මෙය දැවැන්ත පරාල 26 ක් එකට සම්බන්ධ කෙරෙන පරිදි නිමවන ලද, විශාල දැවමය කූඤ්ඤයක් වැන්න. මේ නිර්මාණය වෙන කිසිම තැනක දක්නට


නොලැබෙන, ශ්‍රී ලංකාවටම සීමා වූ නිර්මාණයක් බව ‘යුනෙස්කෝ‘ ආයතනය මඟින් ද සනාථ කර ඇත.


මෙහි ‘ගර්භය‘ යනුවෙන් වැහැරෙන කොටස බුදු කුටියකි. හේවිසි මණ්ඩපය යනුවෙන් ද කොටසක් මෙහි ඇත.මෙහි පූජා යනාදියට අවශ්‍ය ධාන්‍ය වර්ග තැන්පත් කර ඇත්තේ, වී අටුව නමැතී ලී කොටන් මත දේවාල බිමේ ඉදි කර ඇති වී බිස්සක් වැනි වෙනම ගොඩනැගිල්ලක ය. එවකට දේවාලයේ දෛනිකව පූජා වාර තුනක් පවත්වා ඇතැයි කියැවේ.


දෙස්, විදෙස් සංචාරක පිරිස් දෛනිකවම මෙහි පැමිණෙති. පැරැණි හෙළ කලාකරුවන්ගේ කලා කෞශල්‍යයේ මහිමය දැක මවිතයට පත් වෙති.

HS/2015/1194
මුද්‍රිත මාධ්‍යය පැවරුම

DNA තාක්ෂණය


DNA තාක්ෂණය යන යෙදුම ඔබට බොහෝ අවස්ථාවන්හි දී අසන්නට ලැබී ඇති. ඒ බොහෝ විට විද්‍යාත්මක කතාබහක දී හෝ නඩු තීරණයක් පිළිබඳව කතා කරන අවස්ථාවන් වල දී වන්නට පිළිවන්. එහෙත් DNA තාක්ෂණය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්දැයි යන්න ගැන ඔබ දැනුවත් ද? DNA තාක්ෂණය හා එය අධිකරණ වෛද්‍ය විද්‍යාව තුළ භාවිතා වන ආකාරය පිළිබඳව මෙම ලිපියෙන් විස්තර ගෙන එනවා.


DNA යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?



DNA යනු Deoxyribonucleic acid යන්නෙහි කෙටි යෙදුම යි. Deoxyribonucleic acid යනු මිනිසුන් ද ඇතුළු ජීවීන්ගේ පරම්පරාගත ලක්ෂණ සහිත ද්‍රව්‍යයන් හැඳින්වීමට භාවිතා කරන නාමය වෙනවා. මිනිසකුගේ සිරුරේ ඇති සෑම සෛලයකම පාහේ සමාන DNA පිහිටීමක් දක්නට ලැබෙනවා. ඒවා සෛල වල න්‍යෂ්ටියේ සහ මයිටොකොන්ඩ්‍රියා වල දැකගැනීමට හැකියි. DNA වලින් වැඩි ප්‍රමාණයක් න්‍යෂ්ටියේ පිහිටන අතර ඒවා න්‍යෂ්ටික DNA යනුවෙන් හඳුන්වනවා. එසේම කුඩා ප්‍රමාණයක DNA මයිටොකොන්ඩ්‍රියාවල ද පිහිටන අතර ඒවා මයිටොකොන්ඩ්‍රිය DNA යනුවෙන් හඳුන්වනවා. DNA ප්‍රධාන රසායනික ද්‍රව්‍ය 4ක එකතුවකින් සැදී තිබෙනවා. ඇඩිනින් (adinin /A), ගුඅනින් (guanine/ G), සයිටෝසින් (cytosine/ C), හා තයමින් (thymine/ T) යනාදී වශයෙනුයි ඒ. මිනිසකු තුළ මූලික DNA යුගල බිලියන තුනක පමණ ප්‍රමාණයක් පවතින්නේ යයි සලකන අතර, පුද්ගලයින් දෙදෙනෙකු අතර  ඉන් 99%කට වඩා සමාන වෙනවා. එහෙත් DNA අණු වල පවතින සැකැස්ම හා අනුපිළිවෙල එකිනෙකාට වෙනස් වන අතර එය එම පුද්ගලයාට අදාළ තොරතුරු විශ්ලේෂණයේ දී වැදගත් වෙනවා. එසේම එම සැකැස්ම අක්ෂර මාලාවේ අක්ෂර අනුපිළිවෙලකට පෙලගසා ඇති ආකාරයට සමාන වෙනවා.



DNA අණු සෑම එකක්ම පවතින්නේ යුගල වශයෙනුයි. එම යුගල නිර්මාණය වීමේ දී ඉහතින් සඳහන් කරන ලද රසායනික ද්‍රව්‍යයන් විශේෂ අනුපිළිවෙලකට එක්වෙනු හඳුනාගත හැකියි. උදාහරණ ලෙස, A අණු T සමග ද, C අණු G සමග ද ආදී වශයෙනුයි. මෙලෙස සම්බන්ධ වන අණු යුගලයන් සෑම එකක්ම සීනි අණුවක් හා ෆොස්ෆේට් අණුවක් සමග සම්බන්ධ වෙනවා. ඒවා නියුක්ලියෝටයිඩ යනුවෙන් හඳුන්වනු ලබනවා. දිගු පොටවල් 2ක් ලෙස නිර්මාණය මේවා දඟර ගැසුණු ද්විත්ව සර්පිලාකාර හැඩයකින් යුතු වෙනවා. එහිදී සීනි සහ පොස්පේට් අණු ඉනිමගෙහි සිරස් දෙකෙලවරට ද අනෙකුත් A, T හා C, G අණු ඉනිමගෙහි පෙතට ද සමාන කරනවා.


මෙම DNA වල වැදගත් ලක්ෂණයක් ලෙස ඒවාට තමන් විසින්ම චායා පිටපත් සැදීමට ඇති හැකියාව හඳුන්වන්නට හැකි වනවා.



DNA පිළිබඳව පළමුවෙන්ම අවධානය යොමු කර තිබෙන්නේ 1869 වසරේ දී වන අතර ඒ ජර්මනියේ ජෛව රසායනඥයෙකු වූ ෆ්‍රෙඩ්රික් මයිෂර් විසිනුයි. එහෙත් බොහෝ කල් ගතවන තුරු මෙහි වැදගත්කම පිළිබඳව වැටහීමත් නොතිබුන අතර 1953 දී සිදුකළ පරීක්ෂණයෙන් පසුව එහි වැදගත්කම හඳුනාගනු ලැබුවා. ජේම්ස් වොට්සන්, ෆ්‍රැන්සිස් ක්‍රීක්, මොරිස් විල්කින්ස්, හා රෝසලින්ඩ් ෆ්‍රෑන්ක්ලිඩ් විසින් එම පර්යේෂණය සිදු කළ අතර ඔවුන් විසින් DNA ද්විත්ව සර්පිලාකාර හැඩයකින් යුතු බව ද, DNA මඟින් ජීව විද්‍යාත්මක තොරතුරු ගෙනයන බව ද සොයාගනු ලැබුවා. එම සොයාගැනීම වෙනුවෙන් ඔවුන් 1962 වසරේ දී වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ද දිනාගනු ලැබුවා.


අධිකරණ වෛද්‍ය විද්‍යාව සඳහා  DNA තාක්ෂණය


ablion.in (DNA අනුවක ද්විත්ව සර්පිලාකාර ආකෘතිහියෙ සැකැස්ම දැක්වෙන පින්තුරයක්)

DNA තාක්ෂණය වර්තමානයේ දී බොහෝ වශයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව සඳහා උපයෝගී කරගනු දැකිය හැකියි. අධිකරණ වෛද්‍ය විද්‍යාව යනුවෙන් හඳුන්වනු ලැබෙන්නේ විද්‍යාත්මක ක්‍රමෝපායන් භාවිතා කරමින් අපාරාධ විසඳීම යනුවෙන් සරලව හැඳින්විය හැකියි.


DNA තාක්ෂණය අධිකරණ කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳව පළමුව අවධානය යොමු කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ සර් ඇලෙක්ස් ජෙෆ්රි වන අතර ඒ 1984 වර්ෂයේ දී යි. ඒ ඔහු එරට ලයිචෙස්ටර් විශ්වවිද්‍යාලයේ කටයුතු කරන අතරතුර ඔහුගේ සහායකයන් හා එක්වී කළ පර්යේෂණයේ ප්‍රතිපලයක් වශයෙනුයි. ඉන්පසුව මෙම තාක්ෂණය විවිධ ආකාරයෙන් අධිකරණ කටයුතු සඳහා යොදාගෙන තිබෙන අතර 1985 වසරේ දී DNA තාක්ෂණය නඩු විසඳීම සඳහා යොදාගෙන තිබෙනවා. එසේම 1986 දී නිර්දෝෂී පුද්ගලයන් වරදින් නිදහස් කිරීම සඳහා ද DNA තාක්ෂණය යොදාගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය පොලිසිය විසින් නිර්මාණය කරන ලද ඇඟිලි සලකුණු පිළිබඳව පරිගණක දත්ත ගබඩාවේ තොරතුරු ද අපරාධ නඩු විසඳීම සඳහා භාවිතා කර තිබෙනවා. එසේම 1994 ඇමරිකාවේ DNA හඳුනා ගැනීම සම්බන්ධ පනත සම්මත වී ඇති අතර එමඟින් ජාතික DNA ලැයිස්තුගත කිරීමට බලය ලබාදී තිබෙනවා. එසේම එම ජාතික DNA ලැයිස්තු ක්‍රමය (NDIS) 1998 දී ආරම්භ කර තිබෙනවා.


DNA තාක්ෂණය අධිකරණ කටයුතු සඳහා යොදාගැනීම

DNA යනු සාක්ෂි සම්බන්ධව ප්‍රයෝජනයට ගත හැකි වැදගත්ම හා ප්‍රබලම ආයුධයක් ලෙස නූතනයේ නීති බලාත්මක කිරීමේ දී යොදාගනු දැකිය හැකි වෙනවා. එහිදී ඉතාමත් සූක්ෂමව සිදුකරන ලද හා දරුණු ගණයේ අපරාධ විසඳීම සඳහා ඉන් ලැබෙන සාක්ෂ්‍ය ඉතාමත් වැදගත් වෙනවා. මිනිසුන් සතු වර්ණදේහ යුගල් 23න් අඩක් මවගෙන් ද අනෙක් අඩ පියාගෙන් ද හිමි වනවා. එසේ වුව ද මෙම DNA බෙදීම මගින් පුද්ගලයෙකුට අවේනික ලක්ෂණ හඳුනාගත හැකි වෙනවා. මන්ද පුද්ගලයෙකු සතු මානව ජානමය ද්‍රව්‍ය වලින් 1% පමණ ප්‍රමාණයක් එකිනෙකාට වෙනස්. මෙම ලක්ෂණය නිසා එය අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දී වැදගත් වෙනවා. මෙහිදී ඇමරිකාවේ FBI ආයතනය මඟින් DNA ආකෘතියේ අනුපිලිවෙල අනුව එකිනෙකාට වෙනස් DNA හඳුනාගැනීම සිදු කෙරෙනවා. ඒ සඳහා රුධිර සාම්පල, ඛේටය, ශුක්‍රානු, හිසකෙස්, හා අස්ථි සාම්පල මඟින් එම DNA වෙන්කිරීම සිදු කරනවා.


අධිකරණ වෛද්‍ය විද්‍යාවට අනුව DNA සම්බන්ධ විග්‍රහ කිරීම පළමුවෙන්ම සිදුකර ඇත්තේ DNA අණු වල දිග ප්‍රමාණය, සැකැස්ම වැනි බහුරූපතාවයන් භාවිතා කරගෙන යි. මෙම ක්‍රමය ක්‍රියාවට යෙදවීමට, පසුව පැමිණි අනෙකුත් ක්‍රමයන් සමග සලකා බලන විට ඉතා ඉහළ DNA ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එනිසා වර්තමානය වන විට එම ක්‍රමය භාවිතා වෙන්නේ ඉතාමත් කලාතුරකිනුයි. වර්තමානයේ බහුලව භාවිතා වන ක්‍රමය වන්නේ පොලිමරේස් දාමයන්ගේ ප්‍රතික්‍රියාව (PCR) ආශ්‍රිත තාක්ෂණය යි. එමඟින් DNA වැඩිදියුණු කර දැක්වීමේ ක්‍රියාවලියක් සිදුවන අතර, ඉතා කුඩා DNA සාම්පලයක් වුවත් ඒ සඳහා ප්‍රමාණවත්. මෙම ක්‍රියාවලිය බොහෝ විට මානව ප්‍රවේණික ද්‍රව්‍ය හා සම්බන්ධ කාර්යයන් සඳහා යොදා ගනියි.


එසේම ඇතැම් අවස්ථාවල මයිටෝකොන්ඩ්‍රියාවෙහි ඇති DNA ද විශ්ලේෂණය සඳහා යොදාගන්නා අතර එය අනෙකුත් ක්‍රම වලට වඩා වෙනස් වනවා. එසේම එම ක්‍රමය න්‍යෂ්ටික DNA තාක්ෂණයට වඩා මන්දගාමී වනවා මෙන්ම මිලෙන් ද අධික යි. එසේම Y විශ්ලේෂණ ක්‍රමය යනුවෙන් හඳුන්වන ක්‍රමය පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අතර සබඳතාවය තහවුරු කිරීම සඳහා භාවිත වන DNA විශ්ලේෂණ ක්‍රමය වනවා.


අධිකරණ වෛද්‍ය පද්ධතිය තුළ ප්‍රධාන අරමුණු දෙකක් සඳහා මෙම DNA තාක්ෂණය භාවිතයට ගැනෙනවා. එනම් නිශ්චිතවම වරදකරුවා හඳුනාගැනීමටත්, නිර්දෝෂී පුද්ගලයෙකු වරදකරු වීමෙන් ගලවාගෙන නිදොස් කිරීමටත් වශයෙනුයි. එනිසාවෙන් සැලසුම් කළ අපරාධ සිදුවීම අවම කිරීමට ද හැකියාවක් ලැබෙනවා.

HS/2015/1194
මුද්‍රිත මාධ්‍යය පැවරුම

මඩුවන්වෙල මහා දිසාව



 
මඩුවන්වෙල මහා දිසාවේ හැඳින්වීමට පැරැන්නන් විසින් “මඩුවන්වෙල කළු කුමාරයා” යන අන්වර්ථ නාමය යොදාගන්නා ලද්දේ ඔහුගේ පෙනුමෙහි පැවති සුවිශේෂී ස්වභාවය හේතුවෙනි. කාල වර්ණයෙන් හා තේජස් පෙනුමෙන් යුක්ත වූ මඩුවන්වෙල මහා දිසාවේගේ ජන්ම නාමය වූයේ මඩුවන්වෙල විජයසුන්දර රාළහාමිගේ ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල ය. වර්ෂ 1844 සැප්තැම්බර් මස 11 වන දින දී මඩුවෙන්වෙල වලව්වෙහි මෙලොව එළිය දුටු මඩුවන්වෙල මහ දිසාවේ සිය ජීවන ගමන අවසාන කරන්නේ ද තමා ජන්මය ලද ස්ථානයෙහිදීම ය. ඒ වසර අසූ පහක් ආයු වළඳා අවසන වර්ෂ 1930 සැප්තැම්බර් මස 06 වනදා යි. මඩුවන්වෙල මහ දිසාවේ සුවිශේෂී පුද්ගලයෙකු වන්නේ ඔහු පැතිරවූ බල පරාක්‍රමය හේතුවෙනි. ඉංග්‍රීසීන් කෙරෙහි ප්‍රසාදයක් නොතිබුණ බව පැවසුන ද ඔහු ඉංග්‍රීසි පාලන ව්‍යුහය තුළ විවිධ නිලතල දරමින් සිය රාජකාරීන් ඉටුකළේ ය.



මඩුවන්වෙල මහ මොහොට්ටාල විසින් ලන්දේසි මං පහරන්නෙකු වූ ඔතලයාගේ හිස රාජ අණක් පරිදි කන්ද උඩරට රජුට භාරදීම හරහා මඩුවන්වෙල පරපුරට ලැබුණු මඩුවන්වෙල නින්දගම, තවදුරටත් විධිමත්ව පාලනය කරගෙනයාමට ප්‍රාදේශීය පාලකයෙකුටත් වඩා බලවත් වූ මඩුවන්වෙල මහ දිසාවේට හැකි විය. මඩුවන්වෙල නින්දගමේ සංකේතය ගෝන හිස ලෙස සැලකේ. ඊට හේතුව මඩුවන්වෙල පරපුර විසින් කන්ද උඩරට රජුගේ අණ පරිදි සුදු ගෝනෙකු අල්ලා දී දෙවන වරටත් නින්දගමක් ඈඳාගත් බැවිනි. මඩුවන්වෙල දිසාවේගේ මව්පියන් ඔහු කුඩා කාලයේදීම මියගිය හෙයින් දිසාවේ ඇතිදැඩි වූයේ බලංගොඩ විසූ සිය පියාගේ මවගේ සෙවනෙහි ය. ඉගෙනීමට මහත් සමත්කමක් දැක්වූ දිසාවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව උගත්තේ ය.


කතෝලික පාසල් සෙවනෙහි අධ්‍යාපනය හැදෑරූ නමුත් ඔහු භක්තිමත් බෞද්ධයෙකු වූ අතර උපන් ගමට මහත් සේ ආදරය දැක්වූ පුද්ගලයෙකු විය. මහත්මා ගාන්ධිගේ ගමන්මඟ මහත් සේ අගය කළ පුද්ගලයෙකු ලෙස මඩුවන්වෙල දිසාවේ සැලකේ. මඩුවන්වෙල පරපුර විසින් මඩුවන්වෙල මුදලින්දාරාමය ඉදිකර අක්කර 50ක භූමි භාගයක් සන්නසක් මඟින් එකී විහාරයට පූජා කරනු ලැබූ අතර, පනාමුර කාවන්තිස්ස රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කරමින් බෞද්ධාගමෙහි පුනර්ජීවනය උදෙසා ද කටයුතු කරන ලද බව පැවසේ. සිය පරපුරෙහි පූර්වකාලීනයන්ගේ මැදිහත්වීම මත පෝෂණය වූ මෙකී ආගමික සිද්ධස්ථාන නඩත්තු කිරීම සහ පවත්වාගෙන යාම උදෙසා පසුකාලීනව පහළ වූ මඩුවන්වෙල මහ දිසාවේ ද කැප වූ බව සඳහන් ය.



මඩුවන්වෙල වලව්වේ සඳකඩ පහන

පරිපාලනයේ දක්ෂතා හේතුවෙන්ම ඉංග්‍රීසි පාලනය තුළ ඉංග්‍රීසි අධිරාජ්‍යයේ ආදායම් නිලධාරියා ලෙස මඩුවන්වෙල දිසාවේව පත්කරන ලදී. තව ද ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඔහුව නඩු අසන්නෙකු ලෙස ද පත්කර තිබුණි. සිය වලව්වෙහි ඉදිකරන ලද අධිකරණ ශාලාව තුළ දී ඔහු විසින් නඩු විභාග කිරීමේ අධිකරණ කටයුතු සිදු කරන ලදී. ඇතැම් අවස්ථාවන්හි දී ප්‍රමාද වී වැඩ කරන ඉංග්‍රීසි ඒජන්තවරයන්ට පවා දිසාවේ විසින් දඬුවම් පමුණුවා ඇත. එමෙන්ම කිසිදු ගරුසරුවක් නොමැතිව තමාව අශ්ව කෝච්චියෙන් නෙරපීමට කථිකා කළ ඉංග්‍රීසි තරුණයන් දෙදෙනෙකුව එළියට ඇද දමා තනිවම තම ගමන යාමට තරම් ඔහු තේජවන්තයෙකු වූ බව කියැවේ. වර්තමාන දෙනියාය, රක්වාන මාර්ගය කොලොන්න මඩුවන්වෙල හරහා කැපීමට ඉංග්‍රීසීන් විසින් යෝජනා කරන ලද අතර මඩුවන්වෙල දිසාවේ ඊට තදින්ම විරුද්ධ විය. ඔහුගේ විරුද්ධත්වය අබිබවා යාමට ඉංග්‍රීසි පාලකයන්ට ද ‍නොහැකි විය.




විවිධ අවස්ථාවන්හි එවන් අර්බුදකාරී තත්ත්වයන් ඇති වූ නමුදු, තම වලව්වට පැමිණෙන ඉංග්‍රීසීන්ට සිංහල ක්‍රමයට අනුව මනා ලෙස සැලකිලි සත්කාර දැක්වීමට තරම් මඩුවන්වෙල දිසාවේ වැදගතෙකු විය. මඩුවන්වෙල ප්‍රදේශය පැවතියේ කන්ද උඩරට සහ පහතරට අතර කලාපයෙහි වන අතර වර්ෂ 1815න් පසුව ඉංග්‍රීසීන් විසින් සිය බල පරාක්‍රමය දිවයින පුරා පතුරවන තෙක්ම, හැකි සෑම අවස්ථාවකම උඩරට රජුට අවනත වෙමින් උඩරට අණපනත් ක්‍රියාවට නැංවීමට මඩුවන්වෙල දිසාවේ පරපුරෙහි පූර්වගාමීන් බැඳී සිටියහ. මඩුවන්වෙල දිසාවේ ද ඉංග්‍රීසි ආණ්ඩුවෙහි නිලධරයෙකු වූ නමුදු, හැකි සෑම අවස්ථාවකම සිංහල ක්‍රමයට අනුගතව කටයුතු කිරීමට උත්සාහ කළේය.


උදෑසනම අවදිවෙමින් වලව්වේ කටයුතු ආරම්භ කිරීමට පුරුදු වී සිටි මඩුවන්වෙල දිසාවේ අතිශය ශක්තිමත් පුද්ගලයෙකු විය. ඇත්, අස්, රිය සේනාව සිටිය දී පවා පයින් ගමන් කිරීමට ඔහු මහත් අභිරුචියක් දැක්වූවේය. දිසාවේට ආයුධ සන්නද්ධ සේවක බලඇණියක් සිටි අතර ඉංග්‍රීසීන් ඔහු සමග කිසිදු ආරවුලක් ඇති කර නොගැනීමට එය ද හේතුවක් විය. මඩුවන්වෙල දිසාවේ සිය පාලන කලාපය තුළ සිටි සියලු වැසියන්ට එක සේ සලකන ලදී. සියලු ජාතික උත්සව ඉතා ඉහළින් සැමරූ ඔහු සිංහල අලුත් අවුරුද්ද වැනි දිනයන්හි දී සියලු ගම්වාසීන්ට තෑගිභෝග පිරිනැමීමට තරම් කාරුණික හා ත්‍යාගශීලී වූයේ ය.

මඩුවන්වෙල දිසාවේගේ දෙවන භාර්යාව වූ කලවානේ කුමාරිහාමි 

පළමු භාර්යාවගේ අභාවයෙන් පසුව දියණිය සමග හුදෙකලා වූ දිසාවේ නැවත වරක් විවාහ විය. තම දියණියට රුචි කාන්තාවකට මල් මාලය පළඳවා මෙකී පිළිගැනීම සිදුකර ඇත. මෙසේ දෙවන වරට විවාහ කරගත් මඩුවන්වෙල කුමාරිහාමි මහත් භක්තියෙන් යුතුව සිය යුතුකම් සහ වගකීම් ස්වාමියාත් දරුවාත් කෙරෙහි ඉටු කළ බව කියැවේ.


කෙසේ නමුදු සිය ජීවිතයේ අවසාන භාගයෙහිදී දැඩි ලෙස රෝගාතුර වූ දිසාවේ ශල්‍යකර්මයකට පවා මුහුණ දුන්නේ ය. දොස්තර ආර්. එල්. ස්පිටල් විසින් මඩුවන්වෙල දිසාවේගේ පාදයේ ශල්‍යකර්මයක් සිදු කළ අතර නිර්වින්දනය වීමකින් තොරවම එකී ශල්‍යකර්මයෙහි වේදනාව දරාගැනීමට මඩුවන්වෙල දිසාවේ සමත් වූ බව කියැවේ. ශල්‍යකර්මයෙන් මසකට පසුව රෝගාතුරව වාසය කළ දිසාවේ දිනෙක අසාධ්‍ය තත්වයට පත් වූ අතර ඒ බව වටහාගත් ඔහුගේ විශ්වාසවන්තම සේවකයා වූ ජුවානිස් වහාම මුදලින්දාරාමයට දිව ගොස් මේ බව සබරගමු පළාතේ ද්විතීයික සංඝනායක පදවිය දැරූ ශ්‍රී සාරානන්ද හිමියන්ට සැල කළේය. උන්වහන්සේ පැමිණ බණ දේශනා කිරීමෙන් අනතුරුව දිසාවේ විසින් උන්වහන්සේට පූජා භාණ්ඩ පූජා කිරීම ද සිදුකරන ලදී. ඉන් අනතුරුව උන්වහන්සේ විසින් පිරිත් දේශනා කරමින් සිටිය දී දෑත් බැඳගෙනම ජුවානිස්ගේ උකුළ මතට පතිත වන මඩුවන්වෙල දිසාවේ සිය ශරීරය නමැති නවාතැන අතහැර සිය සුසුම් පොද නිසල වාතලයට මුසු කරයි.

මඩුවන්වෙල වලව්ව විචිත්‍ර අයුරින් පවත්වා ගත් දිසාවේ ඔහුගේ මරණයෙන් ඉනික්බිති වර්ෂ 1962 දී ඔහුගේ දියණිය වූ මඩුවන්වෙල පුංචි කුමාරිහාමි ද මිය යන අතර, අනතුරුව මඩුවන්වෙල වලව්වේ හිමිකාරීත්වය ලංකාවේ ප්‍රථම කථානායක වූ ප්‍රැන්සිස් මොලමුරේ විසින් හිමිකරගන්නා ලද්දේ ය.

HS/2015/1194
මුද්‍රිත මාධ්‍යය පැවරුම




Thursday, 23 August 2018

LORD OF THE RING

ලෝක සිනමාවේ දැවැන්තයාගේ ආගමනය
LORD OF THE RING

Lord of the Rings යනු ඉංග්‍රීසි කතෘ හා විද්වතෙකු වන ජේ. ආර්. ටොල්කීන්ගේ 1937 ෆැන්ටසි නවකතාව වන හොබිට්ගේ නාට්යය ලෙස ය. 1937 සිට 1949 දක්වා කාලපරිච්ඡේදය තුළ ලියන ලද "The Lord of the Rings" විකාශනය කරන ලද හොඳම නවකතාවලින් එකකි.

මෙම සම්මානනීය නවකතාව පාදක කර ගනිමින්
2000 වසරේ නිකුත් වූ Lord of the Rings කතා මාලාව විශිශ්ට අධ්‍යක්ෂකවරයකු වන පීටර් ජැක්සන් අතින් නිමවිය.

අදුරු ලෝකයේ රජු සව්රෝන්ගේ වාමන හමුදාවට එරෙහිව යමින් පාලක මුදුව විනාස කිරීමට වෙරදරන ගම්බද තරුණයකුගේ වික්‍රමාන්විත සංචාරය සහ ඔහුගේ ආරක්ෂකයන්ගේ වීරත්වය මෙහි කතාපුවත තුල විශිශ්ට ලෙස නිර්මාණය කර ඇත..

ඔස්කාර් සම්මාන හතරක් සහ තවත් සම්මාන 114 කට හිමිකම් කියූ මෙම අනර්ඝ කතාමාලාව කොටස් තුනකින් සමන්විත වූ අතර ඒවා

Lord of the Rings and the fellowship of the ring
Lord of the Rings and the two towers
Lord of the Rings and the return of the King




ලෙස අතිශය ජනප්‍රිය වීය.

මෙම සම්මානනීය චිත්‍රපටය සදහා විශිශ්ට රංගන ශිල්පීන් රැසකගේ දායකත්වය හිමි වූ අතර
වීගෝ මොටෙන්සන් , එලීජා වූඩ් , ඉයන් මැක්වෙල් ,
ඕලන්ඩ් බ්ලූම් ඒ අතර වීය.

මෙයින් පසු පීටර් ජැක්සන් විසින්ම The Hobbit කතාමාලව පදන්ම් කරගෙන තවත් චිත්‍රපට ත්‍රිත්වයක් නිපදවූ අතර ඒ සදහා SHERLOCK කතා මාලාවෙහි Dr.Watson ගේ චරිතය තුලින් අතිශය ජනාදරයට පාත්‍ර වූ මාටින් ෆ්‍රීමන් බිල්බෝ බැගින්ග්ස් ගේ චරිතයට පන පෙවීය.





TMTM yatigammana
Hs/2015/1194
මුදුිත මාධ්‍ය පැවරැම

Thursday, 9 August 2018

වෙනසක්

ඔබ පොඩි දේ පවා කරන්න.
එයින් ඔබට අවංකකම ලබාගත හැක.
ඒ අවංකකම පෙනීමක් බවට පත්වෙනවා...
මේ පෙනීමෙන්, අද්විතීය වෙන්න ඔබට පුළුවන්.........
අද්විතීය වීමෙන්, එය අනිත් අයට බලපානවා.......
අනිත් අයට බලපෑමෙන්, ඔවුන් හාත්පසින් වෙනස් වෙනවා.........

එය එසේ වන්නේ ,
පෙනීම සම්පුර්ණ වීමෙන් පමණයි.......
හැමදෙයක්ම කෙනෙක්ට හාත්පසින්ම වෙනස් කල හැක්කේ,..............
වෙනස් වීමෙන් විතරයි.........

ඔබ පොඩි දේ එකින් එක කරන්න........
එවිට,,,,,ලෝකය........ වෙනස්වේවි.......

සිහින දුන් රාත්‍රිය


හදවතේ ඉකිබිදින
මතකයන් විසිරයන
සිහිනයන් පොදි බදින
මේ සොදුරු රාත්‍රිය......

ඝන අදුර මකාලන
තරු අහසෙ දිලිසෙන
තේජසින් බැබලෙන සද
වගෙයි නුඹ නම් මට.......

පිපෙන සුදු කඩුපුල්
නෙලා මම ගෙනවිත්
ඔබ හිසෙ පළදන්නම්
සිහිනයෙන් හෝ අවිදින්......

දෙසවනට ගී කියන
රැහැයි නද ගායන
පෙම් කවක් වගෙයි මට
ලවනතින් ඔබ ගෙනෙන......

අඩවන්ව මා දෑස 
සොයනවා ඔබේ රුව
සිහින තුල ගුලි වෙන්න
එන්න මගෙ හදවතට........



   

අම්මේ ඔබ නිසා



ඔයාට මතකද? 

දස මාසයක් කුසේ තියාගෙන ඔයාව මෙලොවට බිහි කලේ ඔයාගෙ අම්මා...
ඔයා මේ ලෝකෙට අවිල්ලා මුලින්ම ඇස් ඇරල බලද්දි..ඔයා මුලින්ම දැක්කෙ ඔයාගෙ අම්මගෙ සතුටු කදුලු පුරොගත්තු ඒ ඇස් දෙක......
ඔයා පොඩිකාලෙ....බඩගින්නෙ අඩද්දි ලේ කිරි කරල ඔයාගෙ බඩගින්න නිවුවෙ ඔයාගෙ අම්මා......
අද ඔයා මේ විදිහට උස් මහත්වෙලා මේ සමාජෙ ලස්සනට ජීවත් වෙන්නෙ ඔයාගෙ අම්මා නිසා.......

ඉතින් අද ඒ උත්තරීතර මව් පදවිය උදෙසා වෙන් උන දිනය....ඒත් ඔයාගෙ ජීවිතය ඔයා මෙහෙම ලස්සනට ගෙවන්නෙ...අම්මා එයාගෙ හැම දිනයක්ම ඔයාට වෙන් කරපු නිසා........
අම්මේ ඔබට දීර්ඝායුශ..........................

මොනවා උනත් වැරදී


-පුදුම අව්වක්නෙ තියෙන්නෙ......
+ඔව් දාඩියත් දානව ඉන්න බැහැ....
- මේ මගුල් පැවිල්ල කවද නතර වෙයිද මන්ද.....පොඩ්ඩක් පොලොව තෙමෙන්න වහින්නෙ නහැනෙ.....
+ පොඩි වැහි ලකුනක් නම් තියෙන්ව ..ඒත් වහින එකක් නැහැ...
(මද වෙලාවකින් මොර සූරන වැස්සක් ඇද හැලෙන්නට විය...)
-හාපෝ මහ කරුම වැස්සක්....ඉදල ඉදල අදම වැස්සනෙ කරුමෙ....

මෙහෙම මිනිස්සු ඉන්න සමාජ්යක ජීවත් වෙද්දි දෙපාරක් හිතලා වැඩ කරන එක කාගෙත් නුවණට හුරුයි නේද? 

දු.ක සහ දුක


උදේම බම්බලපිටියට යාමට පිටත් වූයේ මිතුරෙකුට සහය වීමටය...මා නිවස අසල බස් නැවතුමට පිවිසියේ මාලබේ නගරයට යන බස් රථයක් අල්ලා ගැනීමටයි...මා පාරට පැමිනෙන විටම එක් බස් රථයක් යනු පෙනුනි.හෙමින් සීරුවෙ බස් නැවතුමට ගොස් කල්පනාවකට වැටුනි.......

බසයක් පැමිනෙන සෙයාවකුදු නැත.....මා හට ගමන් කිරීමට අවැසි බස් රථය පැමිනෙන්නේද හරි හැටි නියමිත වේලාවකටද නොවේ.....

මගේ දුරකථනයේ නාදයක් නිකුත් වීය....
ඒ මිතුරෙකුගෙ උපන් දිනය අද යැයි සිහිකිරීමට මුහුනු පොතෙන් ලැබෙන පනිවිඩයකි....එය කියවා මිතුරාට සුභ පැතු මම මුහුනු පොත පුරා සැරි සැරීමට පටන් ගත්තේය. මාගේ සිහිය දුරකතනය සොරාගෙනය මද වෙලාවක් ගත වු බැව් අවබෝධ විය...

දෑස් පිස දමා දුරකතනයෙන් ඔලුව අහකට ගත්තේය......අහෝ ඛේදයකි.... ඉරකි තිතකි..
බස් රථය මා පසු කර ගොස් හමාරය...... දු.ක දුක ම විය....

ගුරු ගීතය

නමස්කාර වේවා...

අසුන මත බර වී..
හිදී මම වැනි වැනී...
අතීතය මතකෙට නැගී...
කදුලු බිදු ඇත ඇස ගැටී...

සොලොස් වසකට පෙර එදා...
තාත්තගෙ අතෙ එල්ලිලා...
අම්මා සමගින් හිනැහිලා...
පියනැගුවා පාසල් එදා....

අලුත් යාලුවො බොහොමයි....
බය හිතුන හැටි අපූරුයි...
කදුලු බිදු මගෙ අතින් පිසදා....
කොනක හිදගත් තාලෙ මතකයි...

මලක් වගෙ ඒ වත ඇගේ...
මතක් වෙන හැටි හරි අගේ....
අද වගේ සිහියට නැගෙයි මගෙ...
කතා කල හැටි "මගෙ පුතේ..."

එක වසරෙ මගෙ පාඩම....
අමර නයනා සල්ගස.....
ඇය කියූ ඒ තාලෙට...
අදත් කට පාඩම් මට....

සොලොස් වසරක් ගත වෙලා...
ඇගේ රුව දැන් බොද වෙලා...
අදත් ආසයි ගිහින් වදිනට.....
"ගුරුතුමී" මගෙ හමුවෙලා........
         

රාවණයන් ද ප්‍රගුණ කල අංගම්

අතීතයේ කතරගම මහාසෙන් නමින් රණශූරයෙක් වාසය කළ බව ඉතිහාසයේ සඳහන් ය. රණශූරත්වය මත මරණින් පසු ඔහු දේවත්වයට පත්ව කතරගම දෙවියන් නමින් ප්‍රසිද්ධ ව...