හේවාගමට ආමි
එදා 2017 දුරුතු මස පලමු දිනයි...පාන්දර මා අවදි වූයේ දැඩි සීතල පරිසරයකින් හමා ආ ආදරනීය සීත සුලගක සුව විදිමින් ය..නාගරික ජීවිතයට අප සමු දී අද නව නිවසකට පියමන් කොට ඇත...උළු වහල සහිත ගෙයක් වටා කොලපැහැති තුරුලතා දුටුවිට මතකයට නැගුනේ මගේ මව නිතරම කියූ කතාවකි.."අනේ අපේ දරුවන්ට ගහ කොලං එක්ක ජීවත් වෙන්න මේ නාගරික පරිසරය අතෑරලා අපේ ගමට යමු..."එවිට මමත් උරණ වී "බෑ බෑ මම මෙහේ දාල කොහෙවත් යන්නෙ නෑ" යැයි කෑගෑසීය. එහෙත් අපේ අම්මා කියූ දෑ අද සැබෑ වී ඇත..එදා ඇය කියූ ගහකොළ දකිනවිට අප නගරයේ ජීවත් වූ සැටි ගැන ඇත්තේ කලකිරීමකි. තාප්පයෙන් වටවූ නිවසින් එලියට බට විට ඇත්තේ මහාපාරය. වේගයෙන් යන රථ වාහන දුමින් නිවස පිරී යයි.
හවසට රේල් පාරෙන් ඇසෙන කෝච්චි හූ හඩට අමතරව කොල්ලො කුරුට්ටන්ගේ ගෝශාව ය.
ගැහැනුන් සහ මිනිසුන්ගේ ගෝශාව ය. එහෙත් අද ඇත්තටම අපට අවුරුදු සේය. මල්ලි ඔහුගේ බයිසිකලයෙහි නැග කුරුල්ලෙකු සේ පියාඹයි. මටත් වඩා ඔහු මේ පරිසරය විදිනවා සේය. අපගේ අම්මා නිවැරැදි ය. ඇය අපට අලුත් ජීවිතයක් ලබාදී ඇත.
අප්පච්චී අම්මා මල්ලි සහ මම අලුත් ගෙදර කිරි ඉතිරවීය. ආච්චි සහ සීයා එදෙස බලමින් සතුටු වීය. හා හා පුරා කියා අප පාසල් යාමට පිටත් වූ අතර ඒ යන අතරමග සීයා අපට අසල්වාසීන් කිහිපදෙනෙකු හදුන්වාදුන්නේය. එනම් , මේ රෝසි මේ එලිසබෙත් මේ ලොරෙන්ස්ලාගෙ ගෙදර යනුවෙනි. තව ටිකක් දුර යනවිට මේ ගෙදර ඉන්නේ හෙක්ටර් මේ ගෙදර කැරලින් යනුවෙනි. ඒ මිනිසුන් අපට සුහද සිනහවෙන් සංග්‍රහ කලහ. මෙම නම් ඇසූ මල්ලි සහ මම සිනහසයුරක ගිලිනි. අප දෙදෙනාටම මේවා අමුතු විය. අප ජීවත් වූ පරිසරය තුල මෙවැනි නම් අප අසා නොතිබිණි . ධනපාල , දයාවතී , කර්ණාවතී යන අය එහි සිටියහ . පසුව මෙම නම් වල වෙනස විමසූ විට ගමේ පන්සලේ හාමුදුරුවෝ අපට හොද කතාවක් කියාදුනි.
"ඔය පේනවා නේද ඉස්සරහින් යන දරුවන් දෙදෙනා...ඒ දරුවන්ට තාත්තලා නෑ. මේ තමා එයාලගේ උරුමය" කියා අපට ඈතින් පියමනිමින් සිටි දරුවන් දෙදෙනෙක් පෙන්වීය. ඔවුන්ගේ නම් රෝසි සහ ජෝන් යැයි දැනගන්න ට ලැබින. මේ ගමේ නම හේවාගම. ඔයාලා අහලා තියෙනවා නේද අපේ රට ඉංග්‍රීසි , ලන්දේසි , පෘතුගීසින් යටත් කරගෙන සිටි බව . අන්න ඒ අතීතයේ දී මෙ ප්‍රදේශයත් පෘතුගීසින් ට යටත් උන ප්‍රදේශයක්, මේ ගමේ තමයි යුද්දය ට ආපු හේවායෝ ලැගුම් ගෙන හිටියේ. අන්න අර ගේ බලන්න යැයි ඈතින් පෙනෙන පරණ ක්‍රමයට නිමවා ඇති බංගලාවක් පෙන්වා ....ඒ ගෙදර තමයි ජෝන් කියන පෘතුගීසි කාරයා ඉදලා තියෙන්නේ ,ඔහු තමයි හේවායින්ගෙ අණ දෙන නිලධාරයා යන්න පැවසීය....... ඔන්න ඔය හේතු කාරනා නිසා මේ ගමට 'හේවාගම ' යන නම යෙදුනා කියලා කියනවා යැයි ස්වාමීන්වහන්සේ පැවසීය....ඒ වගේම ඒ හේවායින් මේ ගමේ කාන්තාවන් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ට දාව දරැවන් ලැබුනාලු. ඒ නිසා තමයි මේ ගමේ කතෝලික ආගමිකයන් වැඩි ....අර හේවායින්ගෙ ළමයින්ට පෘතුගීසි නම් භාවිතා කරපු නිසා එයාලගෙ පරම්පරා වල අයටත් එවැනිම නම් ලැබිලා තියනවා.
'මම ඔයාලට කිව්වේ මේයාලගෙ උරැමය පියවරැ අහිමි වීම කියලා'.... ,ඒකට හේතුව වෙලා තියෙන්නේ ඔය හේවායින් යුද්ධයෙන් පැරදිලා අපේ රට දාල යනකොට මෙහෙන් විවාහ කරගත් අයගේ දරැමල්ලන් මෙහෙම දාල ගිහින්... ඒක සාපයක් වෙලා මේ ගමේ හැම තැනම පැතිරිලා තියෙන්නෙ ...ඒ නිසා තමයි මේ ගමේ ඉන්න බොහොමයක් දරැවන්ට පියවරැ හැර යාමත් මව්වරු දෙවැනි තුන්වැනි කසාද වලට පිවිසීමත් සම්ප්රදායක් වෙලා තියෙන්නේ ....ඒක මේ ගමට අමුතු දයෙක් නෙවෙයි ....ඒ වගේම තමයි ඔයාලා දන්නවද ඔය හේවාගමෙන් බැහැල දකුණට හූවක් විතර දුර ගියහම කඩුවෙල නගරය හමුවෙනවා ..... සීතාවක රජකළ මයාදුන්නෙ රජතුමාගේ පුතා ටිකිරි කුමාරයා 2 වන රාජසිංහ නමින් රජවෙලා අර හේවාගම හිටපු 1800ක් හේවායින් මාරා දාල රට බේරා ගැනීමේ සටනට උර දුන්නා කියලත් ඒ කඩු හෝදපු වෙල 'කඩුවෙල' කියලා නම් කරලා තියෙනවා කියලත් කියනවා.........
' මේවා ජනශ්රැති වල තියන කතන්දර පුතේ.. තේරැනාද දැන් ඔයාලගේ නම් වලට වඩා මහෙ නම් වෙනස් වෙන්න හේතුව මොකක්ද කියලා.....
'අනේ ඔව් හාමුදුරුවනේ ,ඒවා අහනකොට හරිම ආසයි....මට ගෙදර යන්න හිතෙන්නෙත් නෑ.. තව කතන්දර අහන්න හිතෙනවා..... එහෙනම් අපට යන්න අවසර..... අපි තව දවසක් දං වේලකුත් අරං ඔබ වහන්සේ බැහැ දකින්න එන්නම් .. යැයි පවසා අම්මා ,අප්පච්චි,මම හා මල්ලි හාමුදුරුවෝ පැවසු කතා නැවතත් සිහිපත් කරමින් නිවසට පැමිණියහ.
මෙහි සුන්දරත්වය අදද මම විදිමි. පහසුකම් අවම ප්‍රදේශයක් වුවත් මෙහි අප ගත කරන නිදහස් ජීවිතය පිළිබද සීතු විට අප නගරබද ජීවිතයක් ගත කළාද යන්න මහත් ප්‍රෙහෙලිකාවකි.
T M T M Yatigammana
HS/2015/1194
Traditional Communication
thankyou
ReplyDeleteGoog job
ReplyDeleteThankyou
DeleteNice Story
ReplyDeleteහොද නිර්මාණයක්
ReplyDeleteSthuthi
DeleteGood work
ReplyDeletegreat
ReplyDeletethankyou
DeleteNiyamai
ReplyDeletethankyou
DeleteNice story
ReplyDeleteGood work...
ReplyDeleteGood story!!
ReplyDeletethankyou
Delete☺☺☺☺☺☺☺ great work
ReplyDeleteThankyou
ReplyDelete