හදවතේ ඉකිබිදින
මතකයන් විසිරයන
සිහිනයන් පොදි බදින
මේ සොදුරු රාත්රිය......
ඝන අදුර මකාලන
තරු අහසෙ දිලිසෙන
තේජසින් බැබලෙන සද
වගෙයි නුඹ නම් මට.......
පිපෙන සුදු කඩුපුල්
නෙලා මම ගෙනවිත්
ඔබ හිසෙ පළදන්නම්
සිහිනයෙන් හෝ අවිදින්......
දෙසවනට ගී කියන
රැහැයි නද ගායන
පෙම් කවක් වගෙයි මට
ලවනතින් ඔබ ගෙනෙන......
අඩවන්ව මා දෑස
සොයනවා ඔබේ රුව
සිහින තුල ගුලි වෙන්න
එන්න මගෙ හදවතට........
හරිම ලස්සන නිර්මාණයක් ..
ReplyDeletenice
ReplyDeletethankyou
Delete☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️👉
ReplyDelete